දියණිවරුන් තිදෙනෙකු සමග එක් වේලකින් කුසගිනි නිවාගෙන නිවසක් නොමැතිව දුක් විඳින අසරණ දරු පවුල..

Polonnaruwa Sri Lanka
By Sewvandhi Sep 16, 2023 12:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 151 ග්‍රාම නිලධාරී වසමේ බුද්ධයාය ගම්මානයේ .

හිසට සෙවණක් නොමැති ව ලොකු මහත් වූ දියණිවරුන් තිදෙනෙකු සමගජීවත් වන මවක් එම දියණිය වරුන්ගේ ආරක්ෂාවට නිවසක් ඉල්ලනවා

තම ස්වාමි පුරුෂයා කලක පටන් කුලීවැඩ කරමින් ඉතාමත් අසරණව මෙම දියණියන් ඔවුන් ලොකු මහත් කර ඇති අතර මෙම දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දියණිය මෙවර උසස් පෙළ විභාගයටත් ද දෙවන දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයටත් බාලම දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානම් වනවා

මෙම දරුවන් අධ්‍යාපනය ඉතා දක්ෂ දරුවන් වේ නමුත් ඔවුන්ගේ අධ්‍යාපනය කටයුතු සිදු කර ගැනීමට ඔවුන්ගේ ආරක්ෂාවට නිවසක් නොමැති කම නිසා ඔවුන් දැඩි ලෙස මානසිකව පීඩා විඳින අතර වැඩිමහල් දියණියට මේ වෙනකොට බරපතළ අසනීප තත්ත්වයකට මුහුණ දෙමින් එක් අංශයක ආබාධ තත්ත්වයට පත්වී සිටිනවා.

නමුත් එම දරුවාද මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වනවා..මෙම දරුවන් ගේ නිවස වටේට ඉටිරෙදි එල්ලා ඇති අතර ඉතාමත් අනාරක්ෂිතව ජීවත් වේ විදුලිය වත් නොමැතිව ජලය වත් නොමැතිව මහා දුෂ්කර ගමනක් යමින් අධ්‍යාපන කටයුතු සිදු කරන එම දරුවන්ට.

කෙසේ හෝ නිවසක් තනා දීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ගේ ජීවිත ඉතාමත් සුරක්ෂිත වන බව ඔවුන් ප්‍රකාශ කළ අතර මෙම දරු පවුල වෙනුවෙන් රජයෙන් කිසිම සහනාධාරයක් හෝ නොලබන අතර එම සහනාධාර ද ලබන්නේ යම්කිසි මට්ටමේ වත්කමක් තිබෙන පිරිස්.

දිනකට වේල් තුනක් කන්න ඕන උවත් එක වේලකින් කුස පුරවගෙන ජිවිතය ගැටගසා ගන්නා මෙම දරුවන්ගේ මව සෑම තැනකට ම ගොස් ඔවුන්ගේ දුක කියා යම්කිසි සහනයක් ඉල්ලා සිටියත් කිසිදු නිලධරයකුගේ ඇසක් නොගැටීම කණගාටුවට කරුණක් වේ .

මේරට හෝ පිටරට වෙසෙන ශ්‍රී ලාංකික යින්ට මෙම දරුවන් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට ඉදිරිපත් වෙන්නේ නම් මහ පිනක්ය. මෙම දරුවන් වෙනුවෙන් ඔවුන් අධ්‍යාපනය ලබන කවුඩුල්ල මහා විද්‍යාලයේ ගුරුවරු විශාල කැපකිරීමක් කරමින් පොත් පත් හා අනෙකුත් අත්‍යවශ්‍යම ද්‍රව්‍ය ලබාදෙමින් ම ඔවුන් දිරිමත් කරමින් අධ්‍යාපන කටයුතුවලට යොමු කර තිබෙනවා.

- සිතුමි - 

..................................................................

You may like this video -: 


ReeCha