මාර්ගයක් දින තුනක් වසා තැබේ..!
Polonnaruwa
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, පොළොන්නරුවේ දුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් එම කොටසේ වාහන ගමනාගමනය දින 03ක් වසා තැබෙන බවයි.
එනම් මෙසේ, වසා තබනු ලබන්නේ පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර (සැ.160 දම්.69 දරණ ස්ථානයේ) මානික්කම් පට්ටිය මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයි.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මෙම හරස් මාර්ගය මේ මස 10 වනදා පෙ.ව 07.00 සිට 11 වනදා ප.ව 02.30 දක්වා අර්ධ වශයෙන් ද 12 වනදා පෙ.ව 07.00 සිට 13 වනදා ප.ව 08.30 තෙක් සම්පූර්ණ වශයෙන් ද වසා තබන බවයි.
වසා තැබෙන තෙදින තුළ වාහන ගමනාගමන කටයුතු සඳහා දුම්රිය සැ.160 දම්.42 දරණ ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි දුම්රිය හරස් මාර්ගය භාවිත කළ හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම්දෙයි.
