අනේ අනිච්චං...කරපුවා එළි වෙයි කියන බයට දේශපාලඥයෝ නෑයොත් එක්කම රට පනින්න හදලා...
බුද්ධි අංශ මඟින් විවිධ දූෂණ චෝදනාවට ලක්ව ඇති දේශපාලඥයන්, ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ නිලධාරීන් පිරිසක් ද රටින් පැනයාමට සූදානම් වන බව වාර්තා කරයි.
ඒ අනුව අඳාළ උත්සාහය වැළැක්වීම සඳහා අවශ්‍ය උපදෙස් ගුවන් තොටුපොළ සහ අනෙකුත් අංශවලට දැනටමත් ලබාදී ඇති බව සඳහන්.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...
මෙහි දී ආරක්ෂක අංශ ප්‍රධානීන් සැක පළ කරන්නේ දිගින් දිගටම දූෂණ චෝදනාවලට ලක් වූ දේශපාලඥයන් අත්අඩංගුවට පත්වීම නිසා දේශපාලනඥයන් විදේශයන්ට පලා යෑම වේගවත් විය හැකි බවයි.
තවද පොලිස් මූලස්ථානය කියා ඇත්තේ බුද්ධි අංශයේ තොරතුරු මත මෙවැනි වංචනික පුද්ගලයන්ට මෙන්ම පාතාලකරුවන්ට ද රටින් පැන යෑමට සහය දක්වන බෝට්ටුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද ක්‍රියා කරන බවයි.
එසේම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ලබෙන ආරංචි මත ඉදිරි දිනවලදී ද හිටපු ඇමතිවරුන් සහ විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. ඒ අල්ලස් ගැනීම, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ සිද්ධීන් සම්බන්ධයෙන්.
මේ දිනවලදී අඳාළ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන කාර්යක්ෂමව වන බවද එම කොමිෂන් සභාව වාර්තා කරයි.
එසේම ඉකුත් දිනවලදී විවිධ දූෂණ පිළිබඳව දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා ප්‍රශ්න කිරීම් කර තිබෙනවා.
එමෙන්ම තවත් දේශපාලඥයන් පිරිසකට ද ඉදිරි දිනවල දී කොමිසමට පැමිණීමට දැනුම් දී ඇති බව ද සඳහන්. ඊට අමතරව කොමිසම පවසන්නේ දූෂණ සහ අයථා ආකාරයට වත්කම් ඉපයීම් පිළිබඳ විමර්ශන පැවැත්වීම වේගවත් කර ඇති බවයි.
අඳාළ සිද්ධීන් පිළිබඳ සාක්ෂි ගොනුකර ගත් වහාම අඳාළ අත්අඩංගුවට ගැනීම්ද සිදු කිරීමට නියමිතයි.
තවද නිලධාරීන් හා සේවකයන් එක්ව ගන්නා අල්ලස් පොකුරු ගැන ද විමසිල්ලෙන් සිටින බව කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
