ලබන වසරේ සිට ප්‍රභූන් වෙනුවෙන් මේ දේ නෑ..ජනතාවට ලැබෙන්න යන දේ..අගමැතිනිය කියයි..

Anura Kumara Dissanayaka Harini Amarasuriya Latest Headlines AKD
By Sewvandhi Oct 13, 2024 08:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ,ලබන වසරේ සිට ජාතික නිදහස් උත්සවය ප‍්‍රභූන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් පවත්වන බවයි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී, ඇය මේ බව කියා සිටියා.

‘මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස එය සංවිධානය විය යුතුයි’