මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ මන්ත්‍රීකම් අහෝසි කෙරේ...හේතුව මෙන්න.

Hatton Political Samagi janabala wegaya K. K piyadasa Anura de Silva
By Aruna Sep 06, 2021 12:51 AM GMT
Aruna

Aruna

Report

පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජන බල වේගයට සහය දැක්වු මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ පලාත් පාලන ආයතන දෙකක එක්සත් ජාතික පක්ෂ සභිකයන් දෙදෙනකුගේ එම සභිකධුර තහනම් කිරිමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක හා හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජන බලවේගයට සහය දැක්විමට පියවර ගෙන තිබු එක්සත් ජාතික පක්ෂයේ හැටන් දික්ඔය නගර සභා මංත්‍රි ඒ. පි. අනුරද සිල්වා මහතාගේ හා අඹගමුව ප්‍රාදේශිය සභා මංත්‍රි ගාමිණි කවිරාජ් මහතාගේ මංත්‍රිධුර තහනම් කිරිමට පක්ෂයේ විධායක සභාව මගින් පියවර ගෙන ඇති බවත්ය.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හැටන් දික්ඔය නගර සභාවට හා අඹගමුව ප්‍රාදේශිය සභාවට තේරි පත්වු මෙම දෙදෙනා පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි පක්ෂයේ තිරණවලට පිටු පාමින් සමගි ජන බලවේගයට සහය දැක්විම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද විනය පරික්ෂන මත මෙම දෙදෙනාගේ මංත්‍රිධුර තහනම් කිරිමට පියවර ගත් බවත්ය.

එසේ මංත්‍රිධුර තහනම් කිරිමත් සමග එම දෙදෙනා හැටන් දික්ඔය නගර සභාවේ හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ මෙතෙක් දැරු මංත්‍රිධුර අහෝසි වන බවත් එම පුරප්පාඩු සදහා මේ වන තෙක් කිසිවකතු පත් කර නොමැති බවත් එසේ පුරප්පාඩුවු මංත්‍රිධුර සදහා අලුතින් දෙදෙනකු ඉදිරියේදි පක්ෂය විසින් පත් කිරිමට නියමිත බවද කේ. කේ. පියදාස මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now