සියලුම බැංකු ගිණුම් හිමියන්ට දරුණු අනතුරු අගවීමක් - විශේෂ අනාවරණයක්
ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ බැංකු ගිණුම් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක ඩිජිටල් මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙහිදී සිදුවන්නේ WhatsApp හෝ Telegram වැනි මාධ්‍ය ඔස්සේ මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ ත්‍යාග දිනුම් ලෙස හඟවමින් ".apk" (Android Package Kit) වර්ගයේ ගොනු එවීමයි.
ඔබ මෙම ගොනුවක් ක්ලික් කළ සැණින් එය ඔබගේ දුරකථනයේ මෘදුකාංගයක් ලෙස ස්ථාපනය වී, දුරකථනයේ සම්පූර්ණ පාලනය හැකර්වරුන් සතු කරයි.
ඒ හරහා ඔබගේ බැංකු ගිණුම්වලට අදාළ OTP කේත සහ SMS පණිවිඩ කියවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බැවින්, ඔබ නොදැනුවත්වම ගිණුම්වල ඇති මුදල් කොල්ලකෑමේ අවදානමක් පවතී.
මෙම වංචාවෙන් ආරක්ෂා වීම සඳහා නාඳුනන අංකවලින් හෝ මිතුරන්ගෙන් ලැබෙන සැකකටයුතු ".apk" ගොනු කිසිවිටෙකත් බාගත නොකරන ලෙසත්, සැමවිටම නිල App Stores පමණක් භාවිතා කරන ලෙසත් පොලිසිය උපදෙස් දෙයි.
එසේම දුරකථන Settings හි ඇති "Install Unknown Apps" පහසුකම අක්‍රිය කර තැබීම අත්‍යාවශ්‍ය වේ.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත්, වහාම බැංකු ගිණුම් අත්හිටුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දැනුම් දිය යුතුය.