ලෝකයේ දූපත් රැසක් අභිබවමින් ශ්‍රී ලංකාව අංක එකට තේරී පත් වෙයි!
ගෝලීය සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් 2026 වසර සඳහා ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත් වී ඇත.
එමඟින් “ලොව හොඳම දූපත් 50” අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.මෙවර ශ්‍රේණිගත කිරීමේදී පෙර මාධ්‍ය ආවරණ, සමාජ මාධ්‍ය ජනප්‍රියතාව, නව සංචාරක ප්‍රවණතා සහ විශේෂඥ විමර්ශන යන කරුණු සැලකිල්ලට ගෙන ඇත.
ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ප්‍රධාන හේතු ලෙස කිලෝමීටර් 833ක දිගු වෙරළ තීරය, මනරම් මධ්‍යම කඳුකරය, ලොව ප්‍රසිද්ධ තේ වගාවන්, සම්ප්‍රදායික සංස්කෘතික උරුමය සහ විශාල ජෛව විවිධත්වය සඳහන් කර තිබේ.
ඒ සමගම යාල ජාතික වනෝද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය වැනි ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ද මෙම ශ්‍රේණිගත කිරීමට බලපා ඇති බව Big 7 Travel පෙන්වා දෙයි. මෙවර ලැයිස්තුවේ දෙවැනි ස්ථානය මොරේයා දූපතට හිමිවූ අතර, සොකොත්‍රා, මැඩේයිරා සහ ගැලපගොස් දූපත් පිළිවෙළින් තෙවැනි සිට පස්වැනි ස්ථාන දක්වා පත්වී ඇත.
ශ්‍රී ලංකාව අසමසම ස්වාභාවික සුන්දරත්වය, වනජීවී සම්පත්, ඉතිහාසය සහ සංස්කෘතික විවිධත්වය එක්වූ සුවිශේෂී ගමනාන්තයක් ලෙස සැලකෙන බව Big 7 Travel සඳහන් කරයි.
එමෙන්ම ගවේෂක මාකෝ පෝලෝ විසින් ශ්‍රී ලංකාව “ලෝකයේ එහි ප්‍රමාණයට සරිලන ලොව ඉතාමත් සුන්දර දූපත” ලෙස හැඳින්වූ බවද එහිදී සිහිපත් කර ඇත.