ඔබත් නොදැනුවත්වම මාරයාට අතවන්නනවාද? රිය අනතුරු රැල්ල මැද පොලීසියෙන් ආ දැඩි අනතුරු ඇඟවීම
මේ දිනවල රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින්, මාර්ග භාවිත කරන සියලු දෙනාම වඩාත් වගකීමෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
විශේෂයෙන් රියදුරන් මාර්ග නීති පිළිපදිමින්, අධික වේගයෙන් ධාවනය කිරීමෙන් වැළකී, අවධානයෙන් රිය පැදවීම ඉතා වැදගත් බව පොලීසිය නිරන්තරයෙන් අවධාරණය කරයි.
නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් දිනපතා අහිමි වන වටිනා ජීවිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින්, අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන නීතිවලට ගරු කිරීම සහ ආරක්ෂිත රිය පැදවීම සෑම රියදුරෙකුගේම වගකීමක් බව පොලීසිය නැවත නැවතත් ජනතාවට සිහිපත් කරයි.
ගේම් එකකදි හැප්පුනොත් restart කරන්න පුළුවන් පාරෙදි පුළුවන්ද? පොලීසියෙන් දෙන රන්වන් උපදෙස