රටම කතාවෙන පොලිස් වීඩියෝවේ ඇත්ත කතාව හෙළිවේ. විස්තරය මෙන්න.
Police
sri lanka
video
videi
By Sithumi
පොලිස් නිලධාරියෙකු විසින් බීමත් රියදුරෙකු ප්‍රශ්න කරන අවස්ථාවකට අදාළ වීඩියෝ දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියෙක් විසින් බීමත් රියදුරෙකු නවතා ප්‍රශ්න කිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරයෙකු අදාළ පොලිස් නිලධාරියාට දුරකථනයෙන් බලපෑම් කිරීමේ අවස්ථාවකි.
මෙය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ ඇතිවූ සිද්ධියක් වන අතර එය සිදුව ඇත්තේ 2021 වසරේ ජුලි මාසයේදීය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් ද සිදුකර ඇති බවය.
ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධව ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව අනතර්හුවමාරු මධ්‍යස්ථානයේ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයාට එරෙහිව ඉදිරි විනය පියවර ගැනීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |