සියලු රථවාහන රියදුරන් අද සිට මේ ගැන සැලකිළිමත් වන්න..පොලීසියට තෑගී..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Motor Vehicles
By Aruna Apr 12, 2024 04:17 AM GMT
Aruna

Aruna

Report

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත බවයි පැවසෙන්නේ.

ඒ අනුව, රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් පන් දහසක් ලබා දීමට කටයුතු කරන බවයි.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දිනයේ බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන තිබෙන බව ද වාර්තා වේ.

ReeCha