සයිස් එකෙන් මනින්න එපා වැඩ .. පැය හතරක් පුරාවට හොයලා අවසානේ කුෂන් එකක් අස්සේ තිබිලා හම්බ වෙච්ච දේ බලන්නකෝ..(PHOTO)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Italy Crime Branch Criminal Investigation Department
By Piyumika Jan 26, 2025 09:15 AM GMT
Piyumika

Piyumika

Report

අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 – 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

එම ගිනි අවිය සමග 2 දශම 2 ජීව උණ්ඩ පහක් සහ 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ධීවර ප්‍රජාවට නියෝජ්‍ය ඇමතිගෙන් සුබ ආරංචියක්...

ධීවර ප්‍රජාවට නියෝජ්‍ය ඇමතිගෙන් සුබ ආරංචියක්...

එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මස්සිනා ආධාර අනුබලදීම යටතේ හෝමාගම දොලේ කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මීට සිව් දිනකට ඉහතදී ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුට අයත් හෝමාගම මාගම්මන ඉඳිකරමින් පවතින නිවසක, මත්ද්‍රව්‍ය චෝදනාවකට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයෙකු විසින් ගිනි අවියක් සඟවා ඇති බවත් එය ඔහුගේ මස්සිනාට රැගෙන යාම සඳහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබා දී ඇති බවත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ මොරගහහේන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් (9294) රෝහණ නිලධාරියාට ලද තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සි. මදුශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සමඟ එම නිවස වටලා පුරා පැය 4 කට අසන්න කාලයක් සෝදිසියට ලක්කර මෙට්ටය තුළ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිණි අවිය සහ ජීව උණ්ඩ සොයාගැනීමට සමත් වී ඇත.

මාලිමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි...

මාලිමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි...

පොලිස් නිලධාරීන් එම නිවස වැටලිමට පැය දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරු එම නිවස වෙත ගොස් ගිනි අවිය සොයා ගැනීමට උත්සාහ දරා ඇතත් එය නිශ්ඵල වී ඇතැයි සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි

මෙම ගිනි අවිය බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාට ලද ආකාරය සහ එමගින් මනුෂ්‍ය ඝාතන සිදුකර තිබේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය කහතුඩුව පොලිසිය වෙත භාරදී ඇත.

සයිස් එකෙන් මනින්න එපා වැඩ .. පැය හතරක් පුරාවට හොයලා අවසානේ කුෂන් එකක් අස්සේ තිබිලා හම්බ වෙච්ච දේ බලන්නකෝ..(PHOTO) | Police Seize Small Firearm

You may like this video

ReeCha