ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය පතයි - තරුණියක් අතුරුදහන් - දැක්කොත් වහාම පොලිසිය දැනුවත් කරන්න
පොලිස් මූලස්ථානය විසින් හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඇය සොයා ගැනීම සඳහා මහජන සහයෝගය ඉල්ලා ඇත.
පොලිස් මූලස්ථානය පැවසුවේ තම දියණිය අතුරුදන්ව ඇති බවට ඉකුත් මාර්තු මස 06 වැනි දින හාලිඇල ප්‍රදේශයේ පදිංචි අදාල තරුණියගේ මව විසින් ඇටම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.
පොසොන් පොහොයට දන්සැල් හා තොරණ් කරනවනම් වහාම පොලිසිය දැනුවත් කරන්න - රියදුරන්ටත් පොලිසියෙන් වැදගත් නිවේදනයක්
මෙම සිදුවීමට අදාලව වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර ඇති බව පොලිසිය පවසයි.
• නම: රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි
• වයස: අවුරුදු 19
• ජාතික හැඳුනුම්පත් අංකය: 200750204474
• ලිපිනය: හෙල මොරේතොට, හාලිඇල
අතුරුදන් වූ තරුණිය උස අඩි 5යි අඟල් 06ක් පමණ වන, සාමාන්‍ය සිරුරක් හිමි තළෙලු තරුණියක් බවත්, ඇයගේ කොණ්ඩය ඉණ දක්වා වවා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.
ඒ අනුව, මෙම ඡායාරූපයේ සිටින තරුණිය පිළිබඳව යම් තොරතුරක් වෙතොත්,
වහාම ඇටම්පිටිය පොලිසියේ ස්ථානාධිපති - 071 – 8591528
ඇටම්පිටිය පොලිස් ස්ථානය 055 - 2294965 අමතන ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
