පවතින තත්ත්වය මත රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු - සියලු උත්සවත් තහනම්

Report

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන, රජය එයට මුහුණ දීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට තීරණය කරයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්  මේ බව ප්‍රකාශ කළේය.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

එමෙන්ම, අනෙකුත් වැඩකරන සතියේ දින 4දී කොපමණ සේවකයින් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍යද යන්න සම්බන්ධ තීරණ ගැනීම සදහා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

පාසල් සහ විශ්වවිද්‍යා එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවේ.

මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව ඒ මහතා පැවසයි.

එමෙන්ම  සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර ඇති අතර, අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු සිදු කිරීමටද අවසර ලබා දී තිබේ.

බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ තොරතුරු එළියට

බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ තොරතුරු එළියට

මෙම පියවරවලින්, ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයට මුහුණ දීමේ හැකියාව වැඩි කරනු ඇති බවට අපේක්ෂා කරයි.