ඉන්ධන ප්‍රශ්ණේ නිසා රටට තවත් ප්‍රශ්ණයක් - සෞඛ්‍ය සේවය ගැන අනතුරු අඟවයි

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන සීමා සහිත වීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ද මතුව ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා වඩා ප්‍රායෝගික විසඳුමක්, පවතින ක්‍රමවේදය තුල ඉක්මනින් ලබා දිය යුතු අතර ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ජනාධිපතිවරයාගෙන් ද ලිඛිතව ඉල්ලීමක් සිදු කර ඇති බවය.

මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

එහෙත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු කිසිදු වගකිවයුත්තෙක් මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ඔවුන් පවසයි. හෙට (17) දිනයේදී පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් රට පුරා සියලු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත බව දැනුම් දී ඇත.

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාවද හෙට දිනයේදි ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සියලු කරුණු සමාලෝචනය කරමින් ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

සම්පූර්ණ නිවේදනය පහතින්.   



GalleryGallery