අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකුගේ සිරුර හමු වූ තැන- ඇඟ කිළිපොලා යන කතාව

Corona virus Sri lanka covid 18
By Sithumi Oct 29, 2021 06:09 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදිතව සිටියදී අතුරුදන් වූ කොත්මලේ පොලීසියේ සැරයන්වරයාගේ සිරුර ගම්පොළ මූලික රෝහලේ ජල ටැංකියක් තුළ තිබි අද සොයා ගත්තා. 

අඩි 40ක් පමණ උසකින් පිහිටා ඇති ටැංකියේ ජලයෙන් දුගඳක් හැමීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදියි සිරුර සොයාගෙන තිබුණේ. 

 මියගිය පොලිස් නිලධාරියා – පූඩලුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක් වන තුන්දරු පියෙක්. ඔහු මීට දින 50 කට පමණ පෙර කොරෝනා ආසාදිතව ගම්පොල රෝහලේ සිටියදී අතුරුදන් වු බවට වාර්තා වු අතර, සිරුර ඥාතීන් විසින් අද හඳුනා ගත්තා. 

මේ අතර, මරදාන – ආමර්වීදියේ කාමරයකදී 40 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සිරුර පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින්. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 60, 49 සහ 43 යන වයස්වල පසුවන සැකකරුවන් පිරිසක්. පොලීසිය සඳහන් කළේ පසුගිය 26 වනදා සිදුවූ ඝාතනයට අදාළ තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. 

පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායමක සාමාජිකයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි. 

 හවුලේ සිදු කර ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ මුදල්, ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් පැහැර ගැනීම හේතුවෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඔහු සමග උරන වී සිටි බව පොලීස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. 

 ඒ අනුව, ඔවුන් මියගිය පුද්ගලයා සමග ආමර්වීදිය ප්‍රදේශයේ කාමරයකට ගොස් මත්පැන් පානය කර පසුව ඔහුට පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිරුර රැගෙන ගිය මෝටර් රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now