අතිකාල දීමනා වංචා චෝදනාවට ආනන්ද පාලිත යළි රිමාන්ඩ්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ලබන දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 16 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනතුරුව නොවැම්බර් 17 වැනිදා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ඒ අනුව, අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී ආනන්ද පාලිත මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
2015 සිට 2019 දක්වා කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අතිකාල දීමනා ලෙස රුපියල් තිස් එක් ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.