දෙදෙනෙකුට මරු කැඳවමින් ත්‍රිරෝද රථයක පොලිස් ජිප් රථයක් ගැටීමෙන් සිදු සිදුවූ රිය අනතුරේ දර්ශන

Police Accident
By Thaya Mar 01, 2021 06:08 PM GMT
Thaya

Thaya

Report

කටුපොත පොලිසියට අයත් පොලිස් ජිප් රථයක් ත්‍රිරෝද රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්කල පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලැබිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අධාල අනතුර සිදුකල පොලිස් රියදුරාට අපරාධ නඩු විධානසංග්‍රාහ යටතේ නඩු පවරණ බවයි. කටුපොත වාරියපොළ ප්‍රධාන මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරුවේයි.පොලිස් ජීප් රථයේ ගැටි තිබුණේ වේයන්ගොඩ සිට අනුරාධපුර ප්‍රදේශයේ ආගමික කටයුත්තක් සදහා යමින් සිටි එකම පවුලක පිරිසක් ගමන්ගත් ත්‍රිරෝධ රථයක්.අනතුරෙන් ත්‍රිරෝද රථය පැදවු 40 හැවරදි පුද්ගලයාත් ඔහුගේ මවත් ජිවිතක්ෂයට පත්විය.ත්‍රි රෝද රථය පැදවු පුද්ගලයාගේ බිරිදත්,දරවන් තිදෙනාත් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගොස් ආපසු එමින් සිටියදි මෙම අනතුර සිදු වු බවයි අජිත් රෝහණ මහතා පැවසුවේ.ජිප්රථයේ රියදුරා කටුපොත රෝහලට ඇතුලත් කර තිබේ.සිද්ධිය සම්බන්ධව කුලියාපිටිය ජේෂ්ඨ පොලිස්පතිවරයා යටතේ වැඩිදුර පරක්ෂණ ක්‍රියාත්මකයි