තම දියණිය මවක් කරන්න හැදු නරුම පියා සොයන්න පොලිස් විමර්ශන

Police spokesman Sri Lanka Child Abuse Latest Headlines Sinhala news
By Akash Apr 23, 2025 03:23 PM GMT
Akash

Akash

Report

වයස අවුරුදු 13 1/2 ක්වූ තම දියණියට අතවර කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පයාගල පොලිසිය කියයි.

ගල්කිස්ස පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී තිබූ තොරතුරු අනුව කළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

ඩෑන්ගේ මරණය ගැන සැකයක්.. – ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දිගු වෙයි (VIDEO)

ඩෑන්ගේ මරණය ගැන සැකයක්.. – ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දිගු වෙයි (VIDEO)

මෙම දැරියගේ මව ඇය අතහැර ගොස් ඇත්තේ ඇයට වයස අවුරුදු 02 ක්ව තිබියදීය. ඉන්පසු ඇය සහ ඇගේ සොහොයුරා පියාගේ භාරයේ හැදී වැඩී ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලී නිවාසවල මෙම පවුල වාසය කොට ඇත. පසු කලෙක වැඩිමහල් සොහොයුරා නුවර ප්‍රදේශයේ රැකියාවකට යන බව පවසා පිටව ගොස් ඇත.

ඉන්පසු ඔහු සිටින ස්ථානයක් මෙම පවුල නොදනී.

“සිරි දළදා වන්දනාව” පෝලිම් පිරිලා.. හෙට, අනිද්දා එන්න එපා.. පොලිසිය දැනුම් දේ..

“සිරි දළදා වන්දනාව” පෝලිම් පිරිලා.. හෙට, අනිද්දා එන්න එපා.. පොලිසිය දැනුම් දේ..

කොහු මෝලක පියා සේවය කරමින් සිටියදී ඒ අසල කුඩා ගෙයක මොවුන් පදිංචිව සිටි බවත්, 2024 නොවැම්බර් හෝ දෙසැම්බර් මස දිනකදී බීමත්ව පැමිණි පියා තමාට අතවර කළ බවත් ඇය පොලිසියට කර තිබූ ප්‍රකාශයේ සඳහන් වේ.

ඉන්පසු පියා හා තමා වෙනත් ප්‍රදේශයක නිවසකට පැමිණි බවද එහිදීද පියා පැමිණ තමාව දූෂණය කළ බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත. වින්දිත දැරිය ගල්කිස්ස පොලිසිය භාරයේ පසුවන අතර සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ReeCha