ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී [VIDEO]
මෑතකදී සමාජ මාධ්ය ජාලා ඔස්සේ කතාබහට ලක්වෙමින් ජනප්රියත්වයට පත් ‘යක්ෂ රාජ වජිරපාණි’ නම් ආන්දෝලනාත්මක පද්ය නිර්මාණය සම්බන්ධයෙන් එහි රචක හිමියන් විසින් විශේෂ අනාවරණයක් සිදු කර ඇති බව කියන පුවතක් වාර්තා වේ.
ඒ අනුව දැනට සමාජගතව ඇත්තේ එම සමස්ත නිර්මාණ ව්යාපෘතියේ එක් අදියරක් පමණක් බවත්, ඉදිරියේදී එහි තවත් ප්රබල කොටස් පහක් එළිදැක්වීමට සැලසුම් කර තිබෙන බවත් උන්වහන්සේ පවසන බව ද සඳහන් බව වාර්තා වේ.
ඒ අනුව සමාජ මාධ්ය නාලිකාවක පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කර ඇති බවත් එහිදී එම නිර්මාණය බිහිවීමේ පසුබිම පැහැදිලි කළ උන්වහන්සේ, බන්ධනාගාරගතව සිටි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සරසා අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීම දැකීමෙන් මහත් සංවේගයට පත් වූ බවත් හෙළි කළ බව සඳහන්.
එමෙන්ම පසුව රට, ජාතිය සහ ශාසනය පිළිබඳ හැඟීමක් ඇති පිරිසක් සමඟ පැවති දීර්ඝ කතිකාවක ප්රතිඵලයක් වශයෙන් එම හැඟීම් පාදක කරගනිමින් මෙම පද්ය පංතිය රචනා වූ බව උන්වහන්සේ පෙන්වා දුන් බව වාර්තා වේ.
ඊට අමතරව එහි අන්තර්ගතය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ ප්රකාශ කර ඇත්තේ, තේරවාදී මෙන්ම මහායාන බුදුදහමේ ද සඳහන් වන ‘වජ්රපාණී’ සංකල්පය මෙයට යොදාගත් බවයි.
එහිදී විශේෂයෙන්ම සච්චක සූත්රයේදී සච්චක පරාජය භාර නොගත් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට උපකාර පිණිස ශක්ර දේවේන්ද්රයා වජ්රපාණී වේශයෙන් පෙනී සිටි සිද්ධිය මීට මූලික පදනම සැපයූ බව ද උන්වහන්සේ විස්තර කළ බව සඳහන්.
එමෙන්ම ඇතැම් පාර්ශ්ව මෙය ‘වස් කවියක්’ වශයෙන් හඳුන්වමින් නොසන්සුන් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ, මෙම නිර්මාණයෙන් කිසිවෙකු හෝ කලබලයට පත්වන්නේ නම් ඒ තුළින් ප්රකට වන්නේ ‘පුහුල් හොරා කරෙන් දැනේ’ යන න්යාය අනුව ඔවුන්ගේම හෘද සාක්ෂියේ පවතින වරදකාරීත්වය පමණක් බවත්, චීවරයට නිගා කරමින් සහ බොරුවෙන් බලයට පැමිණ කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව නැඟුණු සාධාරණ හඬක් මෙහි අන්තර්ගත බවත් උන්වහන්සේ සඳහන් කළ බව කියන පුවත් වාර්තා වේ.
මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි
එසේම මෙම නිර්මාණයේ සංගීත නිෂ්පාදනය සහ සමාජගත කිරීම පිටුපස සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සිටින්නේ දැයි මාධ්යවේදියා විමසූ විටදී උන්වහන්සේ ඍජු පිළිතුරක් ලබා නොදුන්න බවත්, ඉරාජ් යනු රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ අයෙකු බවත්, ඒ ගැන විමසුවහොත් පිළිතුරු ලබාගත හැකි බවත් සඳහන් කරමින් ඊට ඉරාජ්ගේ සබඳතාවක් පවතින බවට ඉඟියක් පළ කළ බවට ද ඇතැම් තොරතුරු වාර්තා වේ.
තවද සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වී ඇත්තේ සමස්ත නිර්මාණයේ මතුපිට කොටසක්’ (Iceberg) බඳු ඉතා සුළු ප්රතිශතයක් පමණක් බවට උන්වහන්සේ අවධාරණය කළ බවත්, ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඉතිරි කොටස් පහ ඔස්සේ සමාජය තුළ දැවැන්ත පිබිදීමක් සහ විප්ලවීය වෙනසක් අපේක්ෂා කරන බවත් උන්වහන්න්සේ වැඩිදුරටත් කියා සිටි බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම පුවත සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,