රටේ මරමස්ථාන රැසකට හදිසියේ සිදුකළ දේ මෙන්න..ආරක්ෂක අංශ සීරුවෙන්.
Police
Sri Lanka
Gotabaya Rajapakshe
Picketing
President secretory office
By Aruna
පවතින කලහකාරී තත්වය හේතුවෙන් නගර ගණනාවකටම පොලිස් බලඇණි සීරුවෙන් තබා තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
එමෙන්ම මේ වන විට රටේ මරමස්ථාන අසල ආරක්ෂාව දැඩි කිරීමටද කටයුතු කර තිබේ.
ඒ අනුව කොටුව, පිටකොටුව ආසන්නයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසලටද පොලිස් බලඇණි කැඳවා තිබේ.
මේ අතර ජනාධිපති කාර්යාලය ආසන්නයට පොලිස් මාර්ග බාධක රැසක් ගෙන විත් සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ මේ වන විට දින 10ක පමණ කාලයක් තිස්සේ විරෝධතාවක් පැවැත්වෙමින් ඇත.
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
මෙම විරෝධතාවය මහජන සාමයට බාධාවක් යයි පවසමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |