නිධන් හාරමින් සිටි රජයේ නිලධාරීන් පිරිසක් පොලීසියට මාට්ටු වෙයි..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Matara
By Aruna
හක්මන ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි ආර්ථික සංවර්ධන නිලධාරියෙකු හා බැංකු සේවකයෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සහ ඒ සඳහා යොදා ගත් උපකරණ සමඟ ඊයේ (14) හක්මණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හක්මණ පොලිසියට ලද තොරතුරක් අනුව නරවැල්පිට උතුර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිසිය පවසන්නේ, සැකකරුවන් හත් දෙනා සමඟ අලවංගු දෙකක්, උදළු දෙකක්,තාච්චි සහ පුජා සඳහා භාවිත කරන පලතුරු ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අතර ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරියෙකු මෙන්ම ග්‍රාමීය බැංකුවක සේවය කරන ක්ෂේත්‍ර නිලධාරියෙකුද වේ.
විමර්ශන වලින් අනතුරුව ඔවුන් දෙයියන්දර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
