මෙම තරුණිය දන්නවනම් වහාම දැනුම් දෙන්නලු..කරපු අපරාදය මෙන්න.(PHOTOS)
පසුගිය 09 වැනි දින සිදුවූ ප්‍රචණ්ඩකාරි හා කලහකාරී සිදුවීම්වලදී දිවුලපිටිය පොලිස් වසමේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහරදී ගිනිතබා විනාශ කිරීම පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශණයකට අදාලව එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
එම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍යජාලයන් හී දර්ශණය වූ පහත සඳහන් කාන්තාව එම කාර්යාලයට පහරදී ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධව මූලික්තවය ගෙන කටයුතු කර ඇති බව අදාල වීඩියෝ දර්ශණ මගින් නිරීක්ෂණය වී ඇති අතර මේ වන විට අදාල කාන්තාව සැඟව සිටින බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව පහත රෑපයේ දැක්වෙන කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 4949 හෝ 071 419 66 09 යන දුරකථන අංක මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන මෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


