අරගලකරුවන් සහ පක්ෂ නායකයින් රට ගැන කතාකරපු දේ මෙන්න..
අරගලකරුවන් නිර්මාණය කළ ''ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සැලැස්ම'' පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම අද (12) කොළඹදී සිදුකෙරුණි.
අරගලයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් අද කොළඹ මහජන පුස්තකාලයේදී සාකච්ඡාව සංවිධාන කර තිබුණි. ඊට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී විය. එහිදී ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සැලැස්ම ලිඛිතව ඉදිරිපත් කෙරුණි. ඊට එක්වී සිටි ජීවන්ත පීරිස් පියතුමා, "25 දෙනෙක්ගේ නම් මාධ්‍යයේ නිකුත් වෙලා තිබුණා. අපි ඒක දන්නේ නැහැ. අපිට දැනුම් දුන්නත් අපි යන්නේ නැහැ.
අපි මහජන කවුන්සිලයක් විදිහටයි ඉදිරිපත් වෙන්නේ. අපි පාර්ලිමේන්තුගත වෙන්නේ නැහැ. මෙතනට එන්න බැරි අය අරගලය අල්ලන් ඉන්නවා. අරගලකරුවන් වෙනම කණ්ඩායමක් හදනවා.නමුත් ව්‍යුහයක් ඇතුළට යන්නේ නැහැ. මහජන කවුන්සිලයේ සංයුතිය නිර්මාණය වෙන්න ඕනේ වෘත්තිය සමිති, බහුජන සංවිධාන හා අරගලකරුවන්ගේ එකතුවෙන්."
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, "මහජන කවුන්සිලය වැදගත් යෝජනාවක්. ඔබලාගේ සහභාගිත්වය වැදගත්. නෛතිකව කරගන්න පුළුවන්. සර්ව පාක්ෂික රජය හා මහජන කවුන්සිලය එකතුවෙලා. ලෝකයට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා.. ආයෝජන ලෙස මුදල් ලබාගෙන. වැදගත් ලෙස ප්‍රශ්නය විසඳන්න වැඩපිළිවෙළක් හදාගමු." සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා,
"මේ රට නිරාගමික රටක් වෙන්න ඕනේ. ආගම දේශපාලනයට සම්බන්ධ නොවෙන්න අවශ්‍යයි." පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා, "දේශපාලන ස්ථාවරත්වය ඉහළින් පවත්වාගන්න පුළුවන් ජනතා අරගලය සමඟ සම්මුතිගත වීමෙන් විතරයි. ලෝකෙම අරගලය දිහා බලන් හිටියා. සම්මුතිගත වන ආණ්ඩුවකට විතරයි ස්ථාවරත්වය ගේන්න පුළුවන්." පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා, "රනිල් යයිද දන්නේ නැහැ. අපිට බේරලා දෙන්න කියනවා. මේ ප්‍රශ්නය උඩුදුවන්න දෙන්න එපා. මොනවා හරි කරලා ප්‍රශ්නය බේරගන්න..
අරගලයම පාවිච්චි කරන්න හදන්න එපා. පාර්ලිමේන්තුව තුළ මොනවා හරි කරන්න.. තවත් ජනතාවගේ ප්‍රශ්නත් එක්ක සෙල්ලම් කරන්න එපා." ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා, "නව ජන වරමක් අවශ්‍යයි. මාස 06කින් තෝරා පත්කරගත යුතුයි. එතෙක් ආණ්ඩුව කරන්නේ කවුද? අපිට අදාළ නැහැ. හැබැයි ජනතා ප්‍රශ්න විසඳන්න ඕනේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න |