සමාජ මාධ්‍ය කැළඹූ පොලිස් ප්‍රහාරයේ ඇත්ත කතාව මෙන්න.(VIDEO)

Sri Lanka Kegalle Police attack Class children
By Aruna Dec 24, 2021 06:55 AM GMT
Aruna

Aruna

Report

රථවාහන පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු මහමගදී පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී අදාළ පහරදීම කෑගල්ල පරදේශයේදී සිදුවූවක් බවට අනාවරණ විය.

පහරකෑමට ලක්වන පුද්ගලයා විසින් කෑගල්ල නගරයේ උපකාරක පංති සඳහා පැමිණෙන සිසුන්ගෙන් කප්පම් ලබාගන්නා අයෙකු බවට වාර්තා වෙයි.

ඔහු මත්ද්‍රව්‍ය භාවිත කිරීමට ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර හබුඩුගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීයි අදාළ පහරදීම සිදුව ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now