පල්ලෙකැලේදී සිව් දෙනෙක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 17, 2022 03:15 AM GMT
krishani

krishani

Report

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල දී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දෙවන එක්දින තරගයේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ දී බීමත්ව පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බවට පොලීසිය පවසයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 28හැවිරිදි වියේ පසුවන අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද (17) දින ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join