නිදන් හාරමින් සිටි භික්ෂූන් වහන්සේලා දෙනමකට නොහිතපු වෙලාවක සිදූ වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (10) පේරාදෙණිය - ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා දෙනමක් පේරාදෙණිය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
එම අවස්ථාවේ දී ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා භාවිත කරන ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ගන්නෝරුව ගල්ලෙන් විහාරයේ වැඩ විසූ වයස අවුරුදු 30 සහ 58 යන වයස්වල පසුවන භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකී.
සැකකාර භික්ෂූන් වහන්සේලා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |