එකම පවුලේ සහෝදරයන් එකතු වෙලා කළ සොරකම..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 05, 2023 06:18 AM GMT
krishani

krishani

Report

මඩපාත - එල්.එස් වත්ත ප්‍රදේශයේ පෙදරේරුවකු සතුව තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් විදුලි කාර්මික උපකරණ සොරාගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස සොරකම් කර ඇත්තේ ඩ්‍රිල් යන්ත්‍රයක්, හිල්ටි යන්ත්‍ර දෙකක්, ග්‍රයින්ඩරයක් හා පවර් ශෝ යන්ත්‍රයක් ය.

තම කාමරයේ දොර කඩා ඇතුළු වූ කිසියම් පුද්ගලයකු යන්ත්‍ර සූත්‍ර කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවට එහි හිමිකරු වූ පෙදරේරුවා කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ඒ ආසන්නයේම කාමරයක පදිංචිව සිටින එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

එහිදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා විසින් සොරා ගත් එම විදුලි උපකරණ පන්නිපිටිය, දෙපානම හා මහරගම ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join