අනියම් සම්බන්ධතාවයක් නිසා කාන්තාවකට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 14, 2022 07:39 AM GMT
krishani

krishani

Report

මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටිය දී පුද්ගලයන් දෙදෙනකු බද්දේගම පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැහැර ගැනීමට ලක් වූ එම කාන්තාව අද(14) උදෑසන දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය සඳහා යමින් සිටියදී මෙම සැකකරුවන් විසින් පැහැරගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ මුදල් ගෙවා පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිට නිලධාරීන්ට රථයේ පසුපස සිටි කාන්තාවගේ මුඛය පුද්ගලයෙකු විසින් වසාගෙන සිටින බව නිරීක්ෂණය වී තිබිණ.

ඉන් පසු නිලධාරින් විසින් බද්දේගම පොලිසියේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ රථවාහන අංශ නිලධාරීන් මෙම රථය නවතා පරික්ෂා කර තිබුණ අතර පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ මෝටර් රථය දොරගුල් දැමීමක් සිදු කර තියුණු ආයුධයක් ගෙන කාන්තාව බලහත්කාරයෙන් රඳවාගෙන දබර කරමින් සිටින බවය.

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට දැනට කරන ලද පරීක්ෂණවල දී අණාවරනය වී ඇත.

ReeCha