තරුණයින් දෙදෙනෙක් පාසල් සිසුවියන්ට වෑන් රථයකින් චොකලට් බෙදලා සිදු වූ දේ..

By krishani May 12, 2023 02:02 AM GMT
Report

ඊයේ (11) පස්වරුවේ, තලේමන්නාරම - පනන්කට්ටු බටහිර ප්‍රදේශයේ දී වෑන් රථයකින් පාසල් සිසුවියන් තිදෙනකුට චොක්ලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, එම  වෑන් රථය තලේමන්නාරම ප්‍රදේශයේ රසකැවිලි ප්‍රවාහන කරන (ඩිලිවරි) වෙළෙඳ සැලකට අයත් වෑන් රථයක් බවයි.

පොලිසිය පවසන්නේ, මන්නාරම ප්‍රදේශයේ සිසුන්ට චොකලට් ලබා දී පැහැර ගැනීමට තැත්කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත් එවන් අවස්ථාවක මෙම වෑන් රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා උත්සහ ගෙන ඇති බවත් ය.

එහිදී සිසුවියන් කෑගසා දිවගොස් ඇති අතර අවට සිටි පිරිසක් කළ දැනුම් දීමකට අනුව ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙන එම ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join