අරලියගහ මන්දිරය අසල ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි - එහි සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්, කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75ක පමණ දුරින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
ඒ කොල්ලුපිටිය පොලිසිය විසින් ය.
එම වටලීමේ දී එම ගණිකා නිවාසයේ සිටි පාලිකාවන් දෙදෙනෙක් සහ තවත් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වැටලීම සිදු කර ඇත්තේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් අනුවයි.
සැකකාරියන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනාටම ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඬුල්ල ඉල්ලීම් කර ඇත.
කෙසේවෙතත්, ඔවුන්ගේ පෙර වැරදි නොතිබීම හේතුවෙන් එක් සැකකාරියක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.