දබර වුන පාසල් සිසුන් පිරිසක් පොලිස් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
By krishani
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බණ්ඩාරවෙල දී සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීමට අදාලව සිසුන් තිදෙනෙකු ඊයේ(22) පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.
ඒ වයස අවුරුදු 16ක හා 17ක වයස් සීමා වල පසුවන බණ්ඩාරවෙල සහ හල්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
එමෙන්ම එම ආකාරයට සංසරණය වන සිසුන් දෙදෙනෙකු දබරකර ගැනීමේ සිද්ධියකට අදාලව ද බණ්ඩාරවෙල පොලිසිය විසින් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම සිසුන් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක දබර කර ගැනීමේ චෝදනාව මත වන අතර ඔවුන් වයස අවුරුදු 16ක් වන බණ්ඩාරවෙල සහ දියතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කෙසේවෙතත් සැකකාර සිසුන් අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |