සැමියාට බිරිඳ ගිනිපෙල්ලකින් පහර දී සිරුර පුලුස්සලා..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 08, 2023 01:51 AM GMT
krishani

krishani

Report

සැමියාට පහර දී ඔහුගේ සිරුර පිලිස්සීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර බිරිඳව සහ ඊට ආධාර අනුබල දුන් දරු දෙදෙනාව රුපියල් 2000 ක් බැගින් වු මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක් බැගින් වු ශරීර ඇප මත මුදා හරින ලෙසට ඊයේ (07) මිනුවන්ගොඩ දිසාවිනිසුරු නියම කළේ ය.

ඒ මිනුවන්ගොඩ -යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගේ 43 හැවිරිදි සැකකාර බිරිඳ , අවුරුදු 15 ක් සහ 16 ක් වයසැති දියණිය සහ පුතාව මෙසේ දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හරිනු ලැබුවේ.

පැමිණිලිකරු සහ බිරිඳ අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත් බිරිඳට අනියම් සම්බන්ධතාවයක් ඇති බවට පැමිණිලිකාර සැමියා තුළ පවතින සැකය එම ආරවුලට හේතුවී ඇත.

පැමිණිලිකරු සැකකාර බිරිඳ සහ දරු දෙදෙනා සමග එකම නිවසක ජීවත් ව සිට ඇති අතර පැමිණිලිකරු සහ බිරිඳ අතර ආරවුලක් ඇති වී ඇත.

එම අවස්ථාවේ බිරිඳ පැමිණිලිකාර සැමියාගේ සිරුරට ලිපේ තිබූ ගිනි පෙනෙල්ලකින් පහර දී ඇති අතර බිම වැටුන එම ගිනි පෙනෙල්ල අහුලාගත් පුතා පැමිණිලිකරු වන පියා ගේ හිසට පහර දී ඇත.

එම පහරදීමෙන් පසු පැමිණිලිකරුට සිහි නැති වී ඇත.නිවස තුළ බිම ඇද වැටී සිට සිහිය එන විට මුළු සිරුරම පුලුස්සා තිබුණු බව පවසමින් පැමිණිලිකරු පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර රෝහල්ගත වී ඇත.

පැමිණිලිකරු කර ඇති පැමිණිල්ල මත විමර්ශන සිදුකර පැමිණිලිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනාව මෙසේ අත්අඩංගුවට ගත් බවත් පරීක්ෂණ මෙතෙක් අවසන් නොමැති බවත් පොලිසිය අධිකරණය හමුවේ පපවසා ඇත.

සාමයෙන් සිටින ලෙසට සැකකරුවන්ට අවවාද කළ අධිකරණය මැයි මස 31 වැනිදාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ තිදෙනාට නියම කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join