මෝටර් රථයකින්ම ඇවිත් මෝටර් රථයක් කොල්ල කෑ අමුතු කල්ලියක් මාට්ටු වෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
මෝටර් රථයකින් පැමිණි පිරිසක් කිරිඳිවැල බෝගහවත්ත හන්දිය ප්‍රදේශයේ මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇති පුවතක් වාර්තා වේ.
ඒ අදාළ සැකකරුවන් විසින් මෝටර් රථයෙන් පැමිණ මාර්ගය හරස් කොට නවත්වා මාර්ගයේ ධාවනය කළ මෝටර් රථයේ රියදුරුට පහරදීමෙන් ය.
පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකට අනුව සැකකරුවන් තිදෙනෙකු සහ අදාළ මෝටර් රථය සොයාගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 හා 39 වයස්වල පසුවන විලිබුලහේනේගම හා රඳවාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
