හඳ පානෙම වැඩේට බැස්ස නිධන් හොරු - උන්හිටි තැනුත් අමතක වෙලා වුණ වින්නැහිය..
නිධන් හාරමින් සිටි පුද්ගලයන් 06 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඔවුන් නිධන් හාරමින් සිට ඇත්තේ සූරියවැව කෙම්හත පුරාණ රජමහා විහාරයේ ය.
එම විහාරස්ථානයේ කෙම්හත ගලේ පිහිටි සෙල්ලිපිය ආසන්නයේ ඇති පොකුණට පහලින් පිහිටි ප්‍රදේශයේ සැකකරුවන් නිධන් ලබාගැනීම සඳහා කැණීම් සිදු කරමින් සිට ඇත.
එහිදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඊයේ (27) අළුයම 03ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
කෙසේ වෙතත්, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව, නමඩගස්වැව, සෙවනගල ,මිද්දෙණිය හා තුංකම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.