වීසා දෙනවායැයි පවසමින් ජයටම කරගෙන ගිය වංචාව මාට්ටු වෙයි - 06ක් අත්අඩංගුවට.. (PHOTO)
කැනඩාවේ අධ්‍යාපන විසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ වංචා විමර්ශන කාර්යයය වෙත ලද පැමිණිළි කිහිපයක් සමිබන්ධව ආරම්භ කළ විමර්ශනයක් මතය.
එම විමර්ශනය සිදු කර ඇත්තේ, කොටුව ගරු අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත 2023.06.26 වන දින කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබු ව්‍යාජ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක ය.
එහිදී පරිගණක යන්ත්‍ර 03 ක්, ලැප්ටොප් 03 ක්, මුද්‍රණයන්ත්‍ර 04 ක්, ස්කෑන් යන්ත්‍ර 01 ක්, ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශන, විවිධ පාස් පොත් තානාපති කාර්යාල වෙත යැවීමට සකස් කර තිබු වත්කම් සම්බන්ධ ලේඛන, විවිධ නිල මුද්‍රා සහ මුදල් රුපියල් 1,187,130 ක් හමු වී තිබෙනවා.
ඒත් සමඟ සැකකරුවෙක් හා සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස 68 ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් වයස අවුරුදු 47,45,31,28 හා 23 ක් වන වත්තල, රාගම හා කැලණිය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
මොවුන් විසින් විසා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ නමින් විවිධ වත්කම් ප්‍රකාශන, ස්ථාවර තැන්පතු සහතික හා ගිණුම් ප්‍රකාශන ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන නිකුත් කර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී ඇත.
