ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ගුටි කෙළියක් - එක් අයෙක් මියගොස් තවත් අයෙක් රෝහලේ.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 18, 2023 02:28 AM GMT
krishani

krishani

Report

මුරුක්කන් පොලිස් වසමේ අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබෙනවා.

එම ආරවුල අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මියගිය තැනැත්තා වයස අවුරුදු 25ක් වන අච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

එම ප්‍රදේශයේ තරුණයෙකු හා තරුණියක් අතර තිබූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ආරවුල ඇති වී තිබෙන්නේ.

එම තරුණියගේ පියා ඇතුලු පිරිසක් විසින් එම තරුණයාට හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඇත.

පොලිසිය පැවසුවේ, එහිදී පහර කෑ වැඩිමහල් සහෝදරයා මෙලෙස මියගොස් ඇති බවයි.

මේ වන විට ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය තරුණයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේවෙතත්, අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.