පාසල් දැරියකට ලිංගික අතවර කළ විදුහල්පතිට වැඩ වරදී..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 05, 2023 04:31 AM GMT
krishani

krishani

Report

බලංගොඩ - පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ය.

සැකකරු නිවස ආසන්නයේ පදිංචි 11 හැවිරිදි දැරියකට මෙලෙස ලිංගික අතවර කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර 50 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා බලංගොඩ ඇල්ලරාව ප්‍රදේශයේ පදිංචි අයෙකී.

සැකකරු අද බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join