ඩොලර් ගැන කතාම වෙන වෙලාවක.. හොර ඩොලර් නෝට්ටු වගයක් මාට්ටු වෙලා.. පුදුම හිතෙයි ඒ කා ලඟද තිබ්බෙ කියලා..

Report

ඇමරිකන් ඩොලර් හොර නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ය.

මේ අවුරුද්දේ ජයග්‍රහණ ලබා ගන්න හේතුව මොකක්ද දන්නව ද?. හේතුව වනිඳු කියයි..

මේ අවුරුද්දේ ජයග්‍රහණ ලබා ගන්න හේතුව මොකක්ද දන්නව ද?. හේතුව වනිඳු කියයි..

මාතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ වැලිගම, මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු මෙසේ ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28ක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි.

මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර ඇත.

සැකකරු පවසා ඇත්තේ විදේශීකයන් සමග මුදල් ගණුදෙනු කිරිමේදී එම ව්‍යාජ ඩොලර් නෝට්ටු තමන් වෙත ලැබුණු බවයි.

වාහන ගමනාගමනය සීමා කිරිමක් ගැන දැනුම්දීමක් - මෙන්න මේ දවසේ.. විකල්ප මාර්ග භාවිතා කරන්න..

වාහන ගමනාගමනය සීමා කිරිමක් ගැන දැනුම්දීමක් - මෙන්න මේ දවසේ.. විකල්ප මාර්ග භාවිතා කරන්න..

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන අතර ඔහු විදේශීය ජාතිකයකු සමග එකතු වී ඩොලර් නෝට්ටු ජාවාරමක යෙදුනේදැයි සොයා විමර්ශන සිදු කරයි.

ඒ හේතුවෙන් සැකකාර ගණකාධිකාරීවරයාගේ නිවසද පරික්ෂා කර ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.