මහ රෑ නිදාගෙන සිටි තරුණ බිරිඳක් එකපාරටම මහ හයියෙන් කෑ ගහලා - බලද්දි ළග සිදු වුණ දේ ගැන පුදුමයෙන් පුදුම වෙලා..
තම හොඳම මිතුරාගේ නිවසට මහ රෑ හොර රහසේ ඇතුළු වී එහි නිදාගෙන සිටි මිතුරාගේ විසි හැවිරිදි විවාහක බිරිඳ අපයෝජනය කිරීමට උත්සාහ කළ යාලුවෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

"ඉන්නවකෝ තමුසෙට හොද වැඩක් කරන්න.." - පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කරලා ඇයගේ නිවස ඉස්සරහට ගෙන ගොස් පෙම්වතෙක් කරපු අමුතුම දේ..
ඔහුව මේ මස 23වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (09) නියෝග කළේ ය.
සැකකරු පස්යාල, බෝලන්කන්ද ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වේ.
සැකකරු ඔහුගේ හොඳම මිතුරාගේ නිවසට මහ රෑ හොර රහසේ ඇතුළු වී එහි නිදාගෙන සිටි මිතුරාගේ විසි හැවිරිදි බිරිඳ අපයෝජනය කිරීමට උත්සාහ කළ ද ඇය කෑ ගසා තිබෙනවා.
එම කෑ ගැසීමට බිය වූ සැකකරු ඔහු පැලද සිටි පාවහන් යුවළ ද එහි දමා පැන ගොස් ඇත.
එලෙස පැන ගොස් සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ය.
මූලික පොලිස් පරීක්ෂණවල දී අණාවරනය වී ඇත්තේ සැකකරු මිතුරාගේ විවාහයේ දෙවැනි මනාලයා වශයෙන් සිට ඇති බවයි.
කෙසේ වෙතත්, සැකකරුව රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළ අතර නැවත කැඳවීම මේ මස 23 වනදාට කල් තැබිණ.
