තරුණියකට ගංජා මිශ්‍ර රොටි ආහාරයට ලබා දී මත්පැන් පොවා ලිංගික අතවර කළ පූජකවරයෙක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sexual harassment
By krishani May 20, 2023 07:11 AM GMT
krishani

krishani

Report

ඊයේ (19) කෝවිලක පූජකවරයෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අසනීපයකට ප්‍රතිකාර කරන මුවාවෙන් තරුණියක් දූෂණය කිරිමේ සිද්ධියක් හේතුවෙන් ය.

වයස අවුරුදු 20ක් වන අදාළ තරුණිය එම ප්‍රදේශයයේ පදිංචිකාරියක් අයෙක් ය.

මූලික පොලිස් විමර්ශන වලදී අණාවරනය වී ඇත්තේ, ඇයට තිබූ අසනීප තත්ත්වයක් පූජකයාට පැවසීමෙන් අනතුරුව එයට ප්‍රතිකාර ලෙස ගංජා මිශ්‍ර රොටි ආහාරයට ලබා දී මත් පැන් පොවා අදාළ තරුණිය දුෂණයට ලක්කර ඇති බවයි.

සිදුවීමට සම්බන්ධ පූජකවරයාට ආධාර අනුබල දුන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join