හරක් හොරකමේ ගිය කොස්තාපල්වරයෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 21, 2023 06:22 PM GMT
krishani

krishani

Report

කන්තලේ - භාතියගම ප්‍රදේශයේ දී එළ ගවයකු සොරා ගෙන මස් පිණිස විකිණුවේ යැයි පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කන්තලේ පොලිසියට අනුයුක්තව සේවය කරන එම ප්‍රදේශයේම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් ය.

මෙලෙස සොරකම් කර ඇත්තේ එම ප්‍රදේශයේ ගෙවත්තක තණ කෑම සඳහා බැඳ සිටි එළ ගවයකු ය.

එම ගවයා තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට මස් සඳහා විකුණා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ReeCha