හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් පැමිණි පුද්ගලයා දියණියට, නැගණියට සහ සුනඛයාට කරපු අමාණුෂික වැඩේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 21, 2023 05:53 PM GMT
krishani

krishani

Report

හොරණ නගර සභාවේ සභාපති විතානගේ සිරිසෝම මහතාගේ නිවසට ඊයේ (20) රාත්‍රියේ යකඩ පොල්ලක් අතැතිව බීමත්ව නිරුවතින් ආ පුද්ගලයෙක් කළ පහර දීමකින් නගරාධිපතිවරයාගේ දියණියට හා නැගණියට තුවාල සිදුකර තිබෙනවා.

මෙම පුද්ගලයා නිවස අසල සිටි සුනඛයාට ද අමානුශිකව පහර දී ඇති බව නිවැසියන් පවසයි.

මොහු නගර සභාවේ රැකියාවක යොදවන ලද පුද්ගලයෙකු වන අතර සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, අදාළ පුද්ගලයා නිරුවතින් මාර්ගයේ හැසිරෙන අයුරු පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත ද කර තිබිණ.


- සිතුමි -

ReeCha