කවුරුත් නැති අතරේ 07 වසරේ ඉගෙන ගන්න තම දියණියට ලිංගික අතවර කළ පියා - දැරිය සියල්ල පවසයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 13, 2023 12:55 PM GMT
krishani

krishani

Report

අවුරුදු 12ක් වයසැති තම දියණියට ලිංගික අතවර කළ පියෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සැකකරු ඊයේ (12) ඇතිමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරියට ඇයගේ පියා විසින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා කිහිපයක දී ලිංගික අතවරකර තිබෙනවා.

ඔවුන් කොටියාගල වත්තේගම කැකලාන ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

පොලිසිය සඳහන් කළේ ඒ පිළිබඳව දැරිය විසින් මවට පවසා ඇති බවයි.

පසුව මව විසින් ඒ පිළිබඳව ඇතිමලේ පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව හතළිස්දෙවන වියෙහි පසුවන තිදරු පියෙකු වන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව අද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ReeCha