ළාබාල ප්‍රේමය වියරුවක් වෙයි - දැරියක් රවටා කළ අපරාධය..
By krishani
වයස අවුරුදු 15ක බාලවයස්කාර පාසල් දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (01) දින පුද්ගලයකු ඇලයාපත්තුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ ප්‍රසිද්ධ ගෘහ විදුලි උපකරණ ආයතනයක සේවයේ නියුතු විසි හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
දැරිය වයස අවුරුදු 1 දී මව හැර යෑම හේතුවෙන් තම මිත්තණිය භාරයේ සිට ඇත.
දැනට මාස 10කට පෙර සැකකරු දැරිය සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන දැරිය රවටා මෙම අපරාධය සිදුකර ඇත.
සැකකරු ඊයේ (02) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |