ඩෙංගු අවදානම ඉහළට- පළාත් 7ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක් අද සිට

Report

දිවයිනේ පළාත් හතක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කරන්නේ ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් හතට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 62ක් මෙම වැඩසටහන යටතේ ආවරණය වන බවයි.

ඩෙංගු මර්දන කටයුතු කඩිනමින් සිදුකළ යුතු ස්ථාන හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ සිදුකර ඇති අතර විශේෂයෙන් මදුරු මර්දන කටයුතු අවශ්‍ය ස්ථාන පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

  ඒ අනුව මදුරු කීටයන් ව්‍යාප්ත වීමේ අනුපාතය පදනම් කර ගනිමින් සක්‍රීය මදුරු බෝවන ස්ථාන පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් හඳුනාගෙන ඇති බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කරයි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බවත් මෙම රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයටද පත්ව ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ .

ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී

ජ්‍යෙෂ්ඨතම විරිදු ගායිකා, ප්‍රවීණ නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටිය සමුගනී

මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සැලකීමේදි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 20,742 කි .

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක්ද වැඩි වශයෙන් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක අතරට අයත් වේ .