හිටපු හමුදා සෙබලෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට..
By krishani
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් උණ්ඩ දෙකක් සහිත මැගසිනයක් බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි යුද හමුදාවේ සිට සේවය අතහැර දමා පැමිණි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිස්තෝල අවියේ අවි අංකය සඳහන් කොටසේ අංකය මකා දමා ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.