හොර රහසේ ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි - පොලීසිය යනකොටත් එහෙ වෙලා තියෙන දෙය..

Report

හබරණ නගරයට ආසන්න ප්‍රදේශයක දී සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොර රහසේ ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි - පොලීසිය යනකොටත් එහෙ වෙලා තියෙන දෙය.. | Police Arrested Five Women At Habarana

ඒ හබරණ පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

එම වැටලීම සිදු කරන අවස්ථාවේ දී ගණිකා මඩම පවත්වාගෙන ගිය නිවසෙහි රැඳී සිටි කාන්තාවන් 05 දෙනෙකු මෙන් ම උපත් පාලන කොපු රැසක් ද සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම අද (14) පෙරවරුවේ දී සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 32 -42ක අතර පසුවන්නන් වේ.

ඔවුන් හබරණ, වවුනියාව,කුරුණෑගල ,කැකිරාව,ගල්නෑව ප්‍රදේශවල පදිංචි අය බව හෙළි ව තිබෙනවා.

වැටලීම සිදු කරන විට එම ගණිකා මඩමට පැමිණ සිටි අවුරුදු 32ක් සහ 42ක් වන පිරිමි පුද්ගලයින් දෙදෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් හෙට (15) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.