කෝටි 16ක පමණ වටිනාකමකින් යුතු රත්රන් තොගයක් රට යවන්න ගිය පිරිසකට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 11, 2023 07:07 AM GMT
krishani

krishani

Report

රුපියල් කෝටි 16ක පමණ වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතීවිරෝධී ලෙස ඉන්දියාව වෙත රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීයාවේ මුම්බායි නගරය වෙත පිටත්ව යාමට සැලසුම් කර සිටි ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිටවීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව රන් කැබලි හා ජෙල් ස්වරූපයෙන් තිබූ රත්‍රං හා රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5ක තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 160කට ආසන්න බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.