05ක් සම්බාහන මධ්‍යස්ථාන වලට ඇතුළු වී කාන්තාවන් බිය ගන්වා සිදුකළ පහත් ක්‍රියාව..

Sri Lanka Police Sri Lanka
By krishani May 21, 2023 04:18 AM GMT
krishani

krishani

Report

කොළඹ අවට සම්බාහන මධ්‍යස්ථාන වලට ඇතුළු වී එහි කාන්තාවන්ට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන, මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමෙහි නිරත වූ 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ(20) කොට්ටාව පොලිසිය විසින් ය.

සැකකරුවන් සතු මෝටර් රථයක්, ජංගම දුරකථන හයක්, අත් ඔරලෝසුවක්, කඩුවක්, උල් පිහියක්, නියනක්, රන්මාල දෙකක්, කරාබු දෙකක්, අත් පළඳනාවක් පොලිස් භාරයට ගෙන ඇත.

වයස අවුරුදු 20ක සහ 25ක වයස් සීමාවල පසුවන ඔවුන් ඇඹිලිපිටිය - තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

පොලිසිය පවසන්නේ, ඔවුන් විසින් කුලියට ලබාගත් මෝටර් රථයකින් කොළඹට පැමිණ මෙසේ ස්පා මධ්‍යස්ථාන වලට ඇතුළු වී කොල්ලකෑම සිදුකර ඇති බවයි.

ඔවුන් තියුණු ආයුධ පෙන්වා, මහරගම සම්බාහන මධ්‍යස්ථාන තුනක, කොට්ටාව, බොරලැස්ගමුව, තලංගම හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන කිහිපයකට ගොස් කාන්තාවන් සන්තකයේ තිබූ රන් භාණ්ඩ මුදල් හා ජංගම දුරකථන කොල්ලකා තිබෙනවා.

මෙම සැකකරුවන් අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් කොල්ලකන ලද භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවත් වාර්තා වේ.

මේ අතර සැකකරුවන් අද(21) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කොට හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join