ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ පිරිමි ළමුන් තිදෙනෙක් පාළු නිවසක කරපු දෙයක් මාට්ටු වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Sep 30, 2024 07:56 AM GMT
Aruna

Aruna

Report

කඳාන පොලිස් වසමේ කොස්පැලෑන නිවසක කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි බාල වයස්කාර ගැහැනු දරුවන් දෙදෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඉකුත් 28 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර, කඳාන පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක සුදේෂ් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් අනුව දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් අනතුරුව රාගම කොස්පැලෑන ප්‍රදේශයේ නිවසක් පොලිස් නිලධාරීන් විසින් වටලා තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී එම නිවසේ කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් අධික ලෙස මත් වී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු හා තවත් පිරිමි ළමුන් තිදෙනකු පොලිස් භාරයට ගෙන ඇත.

ගෝඨාභය සහ අනුර දෙන්නම සමාන බවට ප්‍රකාශයක්..

ගෝඨාභය සහ අනුර දෙන්නම සමාන බවට ප්‍රකාශයක්..


ඔවුන් අතර සිටි 16 හැවිරිදි සිසුවිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් කඳාන උතුරු බටගම ප්‍රදේශයේ සිය මිත්තනිය සමග ජීවත්ව සිටින බව, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

ඇය මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. කිරිබත්ගොඩ මාකොල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවිය තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් ඇයගේ දෙමාපියන් විදේශ ගතව රැකියාවල නියැලෙන බවත් පොලිසිය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් පිරිමි ළමුන් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම තිදෙනාද මීට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනය වූවන් බවයි පැවසෙන්නේ.

මෙම පිරිමි දරුවන්ගේ දෙමාපියන් පොලිසියට පවසා ඇත්තේ මොන ක්‍රමයකින් හෝ තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා දෙන ලෙසයි.

අත්අඩංගුවට ගත් මෙම ළමුන් රාගම අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන්ගේ ශරීරවල විෂ මත්ද්‍රව්‍ය ඉහළ මාත්‍රවක් තිබෙන බවය.

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..


පසුව මෙම ළමුන් වැලිසර වැඩ බලන මහෙස්‌ත්‍රාත් ඉන්දික අතුරුලිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රැඳවුම් භාරයට යොමු කර ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුදේෂ් ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් සලීම් (64759)යන මහත්වරුන් විසින් සිදු කරනු තිබේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%